2023 අප්‍රේල් 07 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

2023 අප්‍රේල් 07 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 අප්‍රේල් 07 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත් වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. 

 

අද දින (07) දහවල් 12:13 ට කොරලවැල්ල, ඉංගිරිය, කිරිඇල්ල, ඇඹුල්දෙණිය, හල්දුම්මුල්ල, රත්මල්වෙහෙර සහ වරදෙනියාව යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.  

 

මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං නැගෙනහිර දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                     

   

නගරය

උෂ්ණත්වය (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

35

24

95

55

සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

මඩකලපුව

32

25

90

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

32

25

85

65

සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

ගාල්ල

31

25

90

75

සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

යාපනය

34

24

95

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මහනුවර

32

22

90

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

නුවරඑළිය

23

10

95

60

සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ

රත්නපුරය

34

23

95

65

සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක

ත්‍රිකුණාමලය

33

25

95

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මන්නාරම

35

25

90

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත

views

247 Views

Comments

arrow-up