අධිකරණ සේවා සංගමයෙන් විශේෂ ඉල්ලීමක්

අධිකරණය සහ විධායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත අනිසි ලෙස භාවිත කරමින් අධිකරණය සහ විධායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට දරන උත්සාහය සිය අවධානයට ලක්ව ඇති බව දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීමට පසුගියදා තම සංගමයේ සාමාජිකයින් රැස්වූ බවත් ගැටුමක් නිර්මාණය වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවට තීරණය කළ බවත් අධිකරණ සේවා සංගමය විසින් දැනුම් දී ඇත.
තවද අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් සේවා යුක්ති ක්‍රමයට බලපෑම් කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බවට එම සංගමය අවධාරණය කර තිබේ.
257 Views
Comments