රට ගොඩනැගීමට බදු ආදායමේ තිබෙන වැදගත්කම අවධාරණය කෙරේ

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආධුනික සුරාබදු පරීක්ෂකවරුන් පිරිසක් විසිරයාමේ උත්සවයකට එක්වෙමින්, සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසා සිටියේ රටේ පවතින ආර්ථික අවපාතයෙන් මිදීමට බදු ආදායම ඉතා වැදගත් බවයි.
වසර 25 ක පමණ අත්දැකීම් ඇති සුරාබදු පරීක්ෂකවරුන් 19 දෙනෙකු මෙහිදී සුරාබදු පරීක්ෂක තනතුරු සඳහා උසස් කර ඇති බව වාර්තා වේ.
නීති විරෝධී මත්පැන්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය උවදුර සමාජයෙන් තුරන් කිරීම සඳහා සුරාබදු නිලධාරීන් කැපවීමෙන් ක්‍රියා කළ යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
261 Views
Comments