Crafting Ceylon වැඩසටහන ජනපතිගේ ප්‍රධානත්වයෙන් දියත් කෙරේ

ශ්‍රී ලාංකීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළේ අවස්ථා ලබාදීමේ අරමුණින් ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද “Crafting Ceylon” නිර්මාණ සංවර්ධන වැඩසටහන ඊයේ (23) ආරම්භ වී ඇත.
කර්මාන්ත අමාත්‍යාංශයේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් මෙම වැඩසටහන දියත් කරන ලදී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම උත්සවය ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබේ.
දිවයින පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන් දිස්ත්‍රික් මට්ටමින් එක්රැස් කර අපනයනය සඳහා නිෂ්පාදනය කිරීමට නියමිත හස්ත කර්මාන්ත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්ද මෙම අවස්ථාවට සමගාමීව සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
233 Views
Comments