ශ්‍රී ලංකාවේ LGBTQ ප්‍රජාව සම්බන්ධ නීති සංශෝධනයක්

ශ්‍රී ලංකාවේ වෙසෙන LGBTQ ප්‍රජාවට එරෙහිව භාවිතා වන දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන කිහිපයක් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්තගේ මහතා විසින් ඒ පිළිබඳව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ගැසට් කර බදාදා දින පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ප්‍රකාශයට පත් කර තිබේ.
එය බලාත්මක කළහොත් සමලිංගික හැසිරීම් සාපරාධී නොවන බවට ප්‍රතිපාදන සැලසෙන බවද වාර්තා වේ.
312 Views
Comments