දිඹුලාගල බස් රථයක් තුළ පහරදීමකින් සිසුවෙකුට බරපතලයි

මනම්පිටියේ සිට දිඹුලාගල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථයකදී ඊයේ (22) දහවල් පාසල් සිසුවෙකු විසින් තවත් සිසුවෙකුගේ හිසට පහර දීමෙන් එම සිසුවා බරපතල ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ.
සිසුවා යකඩ වළල්ලක් වැනි දෙයකින් අනෙක් සිසුවා ගේ හිසට පහර දීම සිදු කර ඇති අතර, තුවාල ලැබූ ඔහු මනම්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බව සඳහන් වේ.
මනම්පිටිය ප්‍රදේශයේ පාසලක 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔහුගේ හිසෙන් ගලන රුධිර දැක පාසල් සිසුවියන් දෙදෙනෙකු ක්ලාන්ත වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාද මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
සැකකාර සිසුවාගේ නිවස පරික්ෂා කිරීමේදී අනෙක් සිසුවාට පහර දීමට යොදා ගත් යකඩ මිශ්‍ර ඇලුමිනියම් වළලු දෙකක් සහ පිහි දෙකක් ද සොයාගෙන ඇති බව සඳහන් වේ.
ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇති අතර, මෙම සිසුන් දෙදෙනා අතර පාසලේ දී ඇති වූ මතභේදයක් පහරදීමට හේතුව බවට අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
267 Views
Comments