බදු ගැන කතා කරන්න වෘත්තිකයන්ගේ සංගමය යළිත් සාකච්ඡාවක් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

බදු ගැන කතා කරන්න වෘත්තිකයන්ගේ සංගමය යළිත් සාකච්ඡාවක් ඉල්ලයි

 බදු ගැන කතා කරන්න වෘත්තිකයන්ගේ සංගමය යළිත් සාකච්ඡාවක් ඉල්ලයි

රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙතෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් නොලැබීමත් සමග ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ එකඟතාවයකට පැමිණීම සඳහා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ.

 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් දෙන්නැයි ඊයේ දිනයේ යළිත් වරක් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බවයි.

 

මේ අතර, සිය ගැටලු සඳහා විසඳුම් නොලැබෙන්නේ නම්, වැඩ වර්ජනය තවත් දැඩි කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. 

views

268 Views

Comments

arrow-up