මහ බැංකුවේ සල්ලි අතුරුදන්වීම ගැන පරීක්ෂණ දිගටම

මහ බැංකුවේ සුරක්ෂිතාගාරයෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදත් විශේෂ ප්‍රකාශ 5 ක් සටහන් කර ගෙන තිබෙන බව වාර්තා වේ.
බැංකුවේ සුරක්ෂිතාගාරයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් අස්ථානගත වූවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි උසස් නිලධාරීන් කිහිපදෙනෙකු පෙරේදා (11) දිනයේ කොටුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.
මෙම ලක්ෂ 50 ක මුදල කිසිවෙකු විසින් සොරා ගත්තේ ද යන්න පිළිබඳව මෙන්ම ගිණුම් ගත කිරීමේදී අඩුපාඩුවක් සිදුවූයේ ද යන්න පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර, මෙම සිද්ධියේ පරීක්ෂණ සඳහා කොටුව පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහායද ලබාගෙන ඇති බව වාර්තා වේ.
මහ බැංකුව විසින් ද සිද්ධිය පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් ඊයේ (12) දිනය වනවිට ආරම්භ කර තිබෙන බව සඳහන් වේ.
207 Views
Comments