අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වන ලෙසට ජනතාවට විශේෂ දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වන ලෙසට ජනතාවට විශේෂ දැනුම් දීමක්

අධික උෂ්ණත්වයෙන් ආරක්ෂා වන ලෙසට ජනතාවට විශේෂ දැනුම් දීමක්

හෙට (14) දිනයේ බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ උතුරුමැද පළත් සහ කුරුණෑගල, කිලිනොච්චිය, වව්නියාව සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වල උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබේ.

 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් වැඩි වේලාවක් එළිමහනට නිරාවරණය වීම මෙන්ම, වැඩි වේලාවක් ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් විජලනය හා මස්පිඬු පෙරළීම් වැනි තත්වයන් ඇති විය හැකි බවයි.

 

මේ අතර සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ වැඩබිම්වල සිටින්නන් ජලය වැඩිපුර පානය කරන ලෙස සහ සෙවණ සහිත ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසයි.

 

එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳවද සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
 

views

197 Views

Comments

arrow-up