නව අවුරුදු චාරිත්‍ර යෙදෙන සුබ නැකත් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

නව අවුරුදු චාරිත්‍ර යෙදෙන සුබ නැකත් මෙන්න

නව අවුරුදු චාරිත්‍ර යෙදෙන සුබ නැකත් මෙන්න

නව අවුරුද්දේ උදාව හෙට අපරභාග 2.59 ට සිදු වේ.

 

හෙට පූර්ව භාග 8.35 සිට අපර භාග 9.23 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති අතර නැකත් චාරිත්‍ර වල දැක්වෙන්නේ එම කාලය තුළ ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම සුදුසු බවයි.

 

ආහාර පිසීමේ නැකත හෙට අපරභාග 3.29 ට උදා වනු ඇත. විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොලවා, දී කිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම යෝග්‍ය බව නැකැත් චාරිත්‍ර වල දැක්වේ.

 

වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය අපරභාග 5.05 ට යෙදී තිබේ.

 

අවුරුදු චාරිත්‍ර වල සඳහන් වන්නේ විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභව කරන ලෙසයි.

 

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 16 වන ඉරිදා පූර්ව භාග 09.41 ට යෙදී ඇති අතර රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් 17 වන දා පූර්ව භාග 6.28 ට සිදු කළ යුතු බව ද නැකැත් චාරිත්‍ර වල දැක්වේ.
 

views

384 Views

Comments

arrow-up