සූදුවට ඇබ්බැහි වූ නාස්තිකාර පුත්‍රයා නිසා පියෙක් සියදිවි නසා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

සූදුවට ඇබ්බැහි වූ නාස්තිකාර පුත්‍රයා නිසා පියෙක් සියදිවි නසා ගනී

සූදුවට ඇබ්බැහි වූ නාස්තිකාර පුත්‍රයා නිසා පියෙක් සියදිවි නසා ගනී

පුත්‍රයා විසින් තමන් සතු ව්‍යාපාරයේ මුදල් අවභාවිත කිරීම හේතුවෙන් මවක් සහ පියෙකු සියදිවි හානි කරගැනීමට ඉන්සියුලින් අධිමාත්‍රාවක් එන්නත් කර ගැනීමේ සිදුවීමක් මරදාන ප්‍රදේශයෙන් වාර්තා වන අතර මෙම යුවලගේ දියණිය ඔවුන් දෙදෙනාව පසුගිය 12 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පියා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කර සිටී.

 

වරස ගණනාවක සිට සීට්ටු ක්‍රමයට මුදල්  හුවමාරු කිරීම මෙම යුවලගේ ව්‍යාපාරය වී ඇති බවත්, රුපියල් දෙකකින් ආරම්භ කළ මෙම ව්‍යාපාරය දිනෙන් දින ඉදිරියට පැමිණ ඇති අතර වසර 25 කට අධික කාලයක් ඔවුන් මෙම ව්‍යාපාරයේ නිරත වී ඇති බවත්, මාස තුනකට පමණ පෙර සැමියා පිළිකා රෝගයකට ලක්වීම හේතුවෙන් බිරිඳට මෙම මුදල් එකතු කිරීමේ කටයුතු භාර දී තිබූ බවත් වාර්තා වේ.

 

පස් දරු මවක් වූ ඇය ඇගේ එක් පුතෙකු එම ව්‍යාපාරයේ මුදල් එකතු කිරීමේ කටයුතුවලට එක් කර ගැනීමට පියවර ගෙන තිබූ අතර අධික ලෙස සූදුවට ඇබ්බැහිවී සිටි එම පුත්‍රයා ව්‍යාපාරයෙන් මුදල් සූදුවට යොදවා ඇති බව අනාවරණය වී තිබේ. පසුව ඔවුන් දෙදෙනා විසින් එකවර විස්තර සහිතව ලිපියක් ලියා දෙදෙනාම ඉන්සියුලින් අධිමාත්‍රාවක් ශරීරගත කරගෙන ඇති බව සඳහන් වේ.

 

මියගිය පුද්ගලයා ඉන්සියුලින් අධි මාත්‍රාවක් ගෙන ඇති නිසා මෙම මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී. එල්. එම්. සේනානායක මහතා සඳහන් කර සිටී.

views

436 Views

Comments

arrow-up