වාද්දුවේ වයෝවෘද්ධ අයෙකුගේ මළ සිරුරක් දින තුනක් පුරා නිවසේ

වාද්දූව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුරක් අද දිනයේ ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.
එම නිවස අසලින් ගමන් කිරීමේදී අධික දුර්ගන්ධයක් දැනීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබේ.
එම පැමිණිල්ලට අනුව නිවස වෙත පොලිසිය පැමිණ ඇති අතර එහිදී අදාල පුද්ගලයා කාමරයේ ඇඳක් මත මියගොස් සිටියදී සොයා ගෙන ඇත.
මෙම මරණයට අදාලව හදිසි මරණ පරීක්ෂණය සිදු කළ පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් සඳහන් කොට ඇත්තේ මෙම පුද්ගලයා මීට දින 3 කට පෙර මියගොස් ඇති බවයි.
264 Views
Comments