MAY
04
ත්‍රිකුණාමල අධිකරණ භූමියේදී සැකකරුවෙක් ගෙල කපා ගනී

ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගිය සැකකරුවෙකු අද (04) තියුණු ආයුධයකින් ගෙළ කපා ගැනීමෙන් තුවාල ලබා තිබෙන අතර ඔහු මේ වනවිට ත්‍රිකුණාමලය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේ ය.
අද පෙරවරුවේ චීන වරාය පොලිසිය මෙම වරෙන්තුකරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ගොස් ඇති බවත්, එම අවස්ථාවේ අධිකරණ සංකීර්ණය තුළදී ගෙළ කපාගෙන තුවාල ලබා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
264 Views
Comments