සරසවි ඇදුරෝ පිළිතුරු පත් බලන්න එකඟ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

සරසවි ඇදුරෝ පිළිතුරු පත් බලන්න එකඟ වෙයි

සරසවි ඇදුරෝ පිළිතුරු පත් බලන්න එකඟ වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ. අද (04) පැවති විධායක සභා රැස්වීමේදී එම තීරණය ගත් බව එහි සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේය.

 

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වර්ජනය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් තීරණය හේතුවෙන් මේ වනවිට එම කටයුතු මාස 02 කට අධික කාලයක් ප්‍රමාදවී තිබේ. රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා සහභාගීවීමට මීට පෙර තීරණය කර තිබුණ ද උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු තවදුරටත් වර්ජනය කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත් එම ක්‍රියාමාර්ගය අත්හැර පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා සහභාගීවීමට අද පැවති විධායක සභා රැස්වීමේ දී තීරණය කළ බව මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කර සිටියේය.

views

278 Views

Comments

arrow-up