අකුරණ බෝම්බ සිද්ධිය ගැන ව්‍යාජ ඇමතුම් දුන් මවුලවිවරයාට ඇප

අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ව්‍යාජ ඇමතුමක් ලබා දීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මවුලවිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.
රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප මත ඔහු මෙසේ මුදා හැර ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන 118 හදිසි දුරකථන අංකයට ව්‍යාජ ඇමතුමක් ලබා දෙමින් පාස්කු ප්‍රහාරයේ සිව් වර්ෂ පූර්ණ දින අදාල ප්‍රහාරය එල්ල වන බවට ඉෂදික් මොහොමඩ් නම් 21 හැවිරිදි මෙම මවුලවිවරයා පවසා තිබේ.
අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටි මොහු හාරිස්පත්තුව ප්‍රදේශයේ දී පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණු බව පොලිසිය සඳහන් කළේය.
266 Views
Comments