දකුණු මුහුදෙන් හෙරොයින් කිලෝ 125ක් සොයාගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

දකුණු මුහුදෙන් හෙරොයින් කිලෝ 125ක් සොයාගැනේ

දකුණු මුහුදෙන් හෙරොයින් කිලෝ 125ක් සොයාගැනේ

දකුණු මුහුදේදී සිදු කළ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 6 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

 

ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව හා රාජ්‍ය බුද්ධි අංශය එක්ව සිදුකළ මෙම වැටලීමෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 125ක් සොයාගෙන තිබේ.

 

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විජයබාහු නෞකාව මඟින් එම මෙහෙයුම සිදුකර ඇති අතර සැකකරුවන් කොළඹ වරාය වෙත රැගෙන ඒමට නියමිත බව නාවික හමුදාව පවසයි.

views

293 Views

Comments

arrow-up