මන්නාරම පාසල් සිසුන් ට දැඩි ආරක්ෂාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
11

මන්නාරම පාසල් සිසුන් ට දැඩි ආරක්ෂාවක්

මන්නාරම පාසල් සිසුන් ට දැඩි ආරක්ෂාවක්

මන්නාරම් දිස්ත්‍රික්කයේ පාසල් ඉදිරිපිට මේ දිනවල විශේෂ ආරක්ෂාවක් සැපයීම ට කටයුතු කර තිබේ. ඒ පාසල් ළමුන් පැහැරගැනීමේ උත්සාහයක් පිළිබඳ තොරතුරු ලැබීම නිසා ය.


පසුගිය දිනක වෑන් රථයකින් පැමිණි පිරිසක් සිසුන් දෙදෙනෙකුට ආහාර වර්ගයක් ලබා දී පැහැර ගැනීම ට උත්සාහ කර ඇත. නමුත් එම සිසුන් කෑ ගැසීම නිසා එම පිරිස බිය වී පළා ගොස් තිබේ.


මන්නාරම් දිසාපති කාර්යාලය, පාසල් විදුහල්පතිවරුන්, මන්නාරම පොලිසිය, යුද්ධ හමුදාව හා සිවිල් සංවිධාන නියෝජිතයින් එක්ව පාසල් සිසුන් ට විශේෂ ආරක්ෂාවක් ලබා දීමේ වැඩසටහනක් දියත් කොට ඇත.
 

views

294 Views

Comments

arrow-up