ඉන්දීය ගුවන් හමුදාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ඉන්දීය ගුවන් හමුදාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

ඉන්දීය ගුවන් හමුදාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වී. ආර්. චෞද්‍රි හා ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න අතර හමුවක් ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුව ඇති බව වාර්තා වේ.

 

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දියාවේ පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගිවන ශ්‍රී ලංකාව සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉහළ වෘත්තිය හැකියාවන් මෙහිදී ඉන්දීය ගුවන් හමුදාපතිවරයා ඇගයීමට ලක් කළ බවයි.

 

ඉන්දීය ගුවන් හමුදාපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා පුහුණුවීම් වලදී සහ තාක්ෂණිකව හුවමාරුවලදී නව මංපෙත් සෙවිය යුතු බවයි.

views

307 Views

Comments

arrow-up