පොලිස් බසයේ ඩීසල් හොරකම් කළ කොස්තාපල්ට වැඩ වරදී

පොලිස් බස් රථයක ඩීසල් සොරකම් කළ පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු අලුත්ගම පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ගාල්ල මූලස්ථාන පොලිසියට අයත් මෙම බස් රථය විශේෂ රාජකාරියක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේදී, බේරුවල ප්‍රදේශයේ දී බස් රථය නවත්වා මෙලෙස ඩීසල් සොරාගැනීම සිදු කර ඇති බව සඳහන් වේ.
අලුත්ගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මෙම ඩීසල් මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයකු ද අත්අඩංගුවට ගත් බවයි.
282 Views
Comments