වෛද්‍යවරුන් නොමැතිව බලංගොඩ රෝහල කොට උඩ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

වෛද්‍යවරුන් නොමැතිව බලංගොඩ රෝහල කොට උඩ

වෛද්‍යවරුන් නොමැතිව බලංගොඩ රෝහල කොට උඩ

බලංගොඩ මූලික රෝහලේ ශල්‍යාගාරයේ පවතින වෛද්‍ය හිඟය හේතුවෙන් එම රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

 

අද (04) පෙරවරුවේ එම රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණි රෝගීන්ට තුණ්ඩු නිකුත් කිරීමේදී උණුසුම් තත්වයක් ඇතිවූ බවද වාර්තා වේ.

 

වෛද්‍යවරුන් 6 දෙනෙකු බාහිර රෝගී අංශයේ සේවයේ නිරත වුවද අද එහි සිට ඇත්තේ වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් වන අතර නැවත දැනුම් දෙන තුරු හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කිරීමට කටයුතු කරන බව දන්වමින් රෝහල් පරිශ්‍රයේ දැන්වීම් පුවරුව අලවා තිබෙනු දක්නට ඇති බව වාර්තා වේ.

 

අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් බලධාරීන් නිසි පරිදි කටයුතු සිදු කර නොතිබූ බව බලංගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් චෝදනා කර සිටී.

views

300 Views

Comments

arrow-up