පාදුක්කෙන් මන්දපෝෂණය සහිත ළමුන් 45 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

පාදුක්කෙන් මන්දපෝෂණය සහිත ළමුන් 45 ක්

පාදුක්කෙන් මන්දපෝෂණය සහිත ළමුන් 45 ක්

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල බල ප්‍රදේශයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ. මේ බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජගත් කුමාර මහතා ප්‍රකාශ කරන ලදි.


එමෙන්ම එම බල ප්‍රදේශය තුළ දරු උපත් අනුපාතය අඩු වී යන බවත්,
2014 දී සියයට 14.5 ක්ව පැවැති දරු උපත් අනුපාතය මේ වන විට සියයට 9 දක්වා පහත බැස ඇති බවත් ඔහු පැවසීය.



විවාහ වුවත් දරුඵල නොලැබ සිටින කාන්තාවන් 700 කට ආසන්න සංඛ්‍යාවක් ද එම බල ප්‍රදේශයේ සිටින බව ඒ මහතා පැවසීය.



පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසය වර්ග කිලෝමීටර් 140 ක් පමණ වේ. එහි පවුල් විසි පන්දහසක පුද්ගලයින් 72,000 ක් පමණ ජීවත් වේ.

views

263 Views

Comments

arrow-up