මොඛා සුළි කුණාටුවේ බලපෑම

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මොඛා සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් අද(12) දිනයේ මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන අතර උතුරු, උතුරු මැද ඇතුළු සෙසු ප්‍රදේශවල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, දකුණ වෙරළ බඩ ප්‍රදේශයේ සහ මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් වල පැයට කිලෝ මීටර් 40 ත් 45 ත් දක්වා තද සුළං ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළංවලින් හා අකුණු අනතුරුවලින් ආරක්ෂා වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වර්ෂාවත් සමග අත්තනගලු ඔය, කැලණි, කළු හා ගිං ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් ඇති බැවින් ගංගා දෙපස ජල ගැලුම් නිම්න ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සි සුගීෂ්වර මහතා සඳහන් කළේය.
වර්ෂාවත් සමග මාතර කොළඹ ගාල්ල කළුතර කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක වෙයි.
274 Views
Comments