අප්‍රේල් සහ මැයි සමෘද්ධි සහනාධාර මෙතෙක් ලබාදී නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

අප්‍රේල් සහ මැයි සමෘද්ධි සහනාධාර මෙතෙක් ලබාදී නැහැ

අප්‍රේල් සහ මැයි සමෘද්ධි සහනාධාර මෙතෙක් ලබාදී නැහැ

අප්‍රේල් සහ මැයි මාසවලට අදාල සමෘද්ධි සහනාධාරය මෙතෙක් සමෘද්ධි බැංකු වෙත යොමු කර නැති බව සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව පවසයි.

 

එහි ජාතික සංවිධායක චාමර මද්දුමකලුගේ මහතා සඳහන් කළේ, දහසය ලක්ෂ පනස්දහසකට ආසන්න ප්‍රතිලාභීන් සංඛ්‍යාවකට එම මාසවලට අදාල සමෘද්ධි සහනාධාර මුදල් මෙතෙක් ලැබී නොමැති බවයි.

 

කෙසේ වෙතත් අදාල ගෙවීම් සිදු කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් යම් ප්‍රමාදයන් සිදු විය හැකි බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.

views

269 Views

Comments

arrow-up