MAY
11
ගව හොරුන් ට වෙඩි තබයි.

සොරකම් කළ මී ගවයන් පටවා ගෙන ගිය ලොරි රථයකට අද (11) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඒ ඇඹිලිපිටිය තෝරකොළයාය ප්‍රදේශයේ දී ය.
වෙඩි ප්‍රහාරය නිසා එක් අයෙකු මියගිය අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
වීරකැටිය, හිගුරුමුලන බදුගේයායේ පදිංචි අවුරුදු 45 ක් වන සිවුදරු පියෙක් මෙලෙස මියගොස් ඇත.
ඔහුගේ නම රිදියගමගේ අරුණ ජයන්ත වේ. කුලියට ගවයන් පටවන්නකු ලෙස ඔහු රැකියාව කර ඇති බව පොලිසිය පවසයි.
258 Views
Comments