JUN
01
දෛනිකව රෝහල්ගත වන ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව පසුගිය සති කිහිපයට සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කරයි
මෙම සතිය තුළ රෝහල් ගතවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 800 ඉක්මවා ඇත.
මීට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 24ක පමණ පසුගිය සතියට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කරන බවත් වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා පැවසීය.
වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 39,028කි.
269 Views
Comments