බොරලස්ගමුවේ කපුවෙක් කුඩුත් සමග මාට්ටු

බොරලස්ගමුව නගරයට ආසන්න ප්‍රධාන විහාරස්ථානයකට අයත් බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍රවූ දේවාලයක සේවය කරන කපුවකු මත්කුඩු මිලිග්‍රැම් 150 ක් සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පවසයි.
නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් ලද නියෝගයක් මත බොරලැස්ගමුව පොලිස් වසමේ මත්ද්‍රව්‍ය හා සොරකම් කිරීමේ සිද්ධීන් පාලනය සඳහා යොදවා ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් පොලිස් කණ්ඩායමක් විසින් බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන යතුරුපැදියකින් යමින් සිටි සැකකාර කපුවා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු 37 වැනි වියේ පසුවන පිලියන්දල කොළමුන්න, ආටිගල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
මෙම සැකකරු දේවාල රාජකාරියේ යෙදී සිටින අතරතුරද විටින් විට කිසිවකුටත් සැක නොසිතෙන ආකාරයෙන් ගොස් මත්කුඩු හා මත්ද්‍රව්‍ය විහාරස්ථානය වෙත රැගෙන විත් පානය කර ඇති බවත් තදින්ම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයකු බවත් මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
266 Views
Comments