සා පෙළ විභාග නිරීක්ෂකයෙකු හදිසියේ මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

සා පෙළ විභාග නිරීක්ෂකයෙකු හදිසියේ මරුට

සා පෙළ විභාග නිරීක්ෂකයෙකු හදිසියේ මරුට

වත්තේගම බාලිකා විදුහලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ක්‍රියාත්මක වෙමින් තිබියදී එහි විභාග නිරීක්ෂකයකු ලෙස කටයුතු කළ පාසල් ගුරුවරයකු විභාගය ආරම්භවීමට සුළු මොහොතකට පෙර එක්වරම අසනීප වීමෙන් අනතුරුව වත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

 

මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පාසලක සේවය කරන ගුරුවරයකු බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ගුරුවරයාට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය යන්නට ඇති බව පොලීසිය සැක කරයි.

views

291 Views

Comments

arrow-up