එළවළු මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

එළවළු මිල පහළට

එළවළු මිල පහළට

රටපුරා එළවළු මිල ගණන් ඉහළ යමින් තිබියදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙදුන් පවසයි.

 

පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල මේ වන විට සැලකිය යුතු මට්ටමකින් පහළ යමින් පවතින අතර එළවළු අලෙවිය ද පහත වැටී ඇති බව වෙළෙදුන් පවසයි.

 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන්ගේ පැමිණීම අඩු වීම, පසුගිය දිනවල මිල ඉහළ යෑම නිසා එළවළු පරිභෝජනය අවම වීම ආදී කරුණු කාරණා නිසාවෙන් එළවළු මිල මෙසේ පහත යමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

 

ඒ අනුව රුපියල් 350ක් 400ක් අතර ඉහළ මිලකට අලෙවි වූ වම්බටු කිලෝවක් ඊයේ (07) වන විට රුපියල් 150 දක්වා පහත වැටී ඇති අතර කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන කැරට්, ලීක්ස්, මාළු මිරිස් ආදී එළවළු මිලද රු. 100 ත් 200 ත් අතර ප්‍රමාණයකින් පහත් වැටී ඇත.

views

253 Views

Comments

arrow-up