දන්සල් පරීක්ෂාවට P.H.I.වරු 3000ක්

මේ වන විට පොසොන් දන්සල් දහ හතර දහස් දෙසිය පනහක් ලියාපදිංචි කර ඇති බවත් ලියාපදිංචි කර තිබෙන දන්සල්වලින් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතේ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය.
පොසොන් සතියේදී දන්සල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තුන්දහසක් සේවයේ යෙදවීමට පියවර ගෙන තිබෙන බවද සභාපතිවරයා පැවැසීය.
දන්සැල් සඳහා ගන්නා සියලුම ආහාර අමු ද්‍රව්‍ය ජලය ඉතාමත් පිරිසිදු ලෙස සපයා ගතයුතු බවත් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර සැපයීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දන්සැල්හිමියන්ට දන්වා සිටින බවද උපුල් රෝහණ පැවැසීය.
පිරිසුදු චේතනාවෙන් ලබාදෙන දන්සල් ඉතාමත් පිරිසිදු ලෙස සැපයීමට උනන්දු වන ලෙස දන්සල් හිමියන්ගෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටී.
215 Views
Comments