මැලේසියාවේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මියයයි

සංචාරක වීසා බලපත්‍රයකින් මැලේසියාව වෙත ගොස් රැකියාවක නිරතව සිටි 44 හැවිරිදි වියේ පසුවූ මෙරට කොබෙයිගනේ පදිංචි එක්දරු මවක් මැලේසියාවේ තට්ටු ගොඩනැගිල්ලකින් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම අනතුර පසුගිය 23 වනදා සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
එම කාන්තාව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ජා ඇළ ප්‍රදේශයේ විදේශ රැකියා සපයන පුද්ගලයෙකුගේ මාර්ගයෙන් මෙලෙස මැලේසියාව වෙත ගොස් ඇති බව වැඩිදුරටත් අනාවරණය වේ.
කාන්තාවගේ දේහය මේ වනවිට මැලේසියාවේ PPUM රෝහලේ තැන්පත් කර තිබෙන බවට සඳහන් වේ.
266 Views
Comments