ජූනි මාසයේ සිට දින තුනක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය නිවසට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

ජූනි මාසයේ සිට දින තුනක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය නිවසට

ජූනි මාසයේ සිට දින තුනක් ඇතුළත විදෙස් ගමන් බලපත්‍රය නිවසට

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසුවේ සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින් සියළු දෙනා අද සිට සිය පරිශ්‍රය  තුළට කඩිනමින් ඇතුළත් කරගන්නා බවයි.

 

සේවා ලබා ගැනිමට පැමිණෙන පුද්ගලයින් තැරැව්කරුන්ට හසුවීමද වැළක්වීමද තැරැව්කරුවන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවද ආගමන විගමන පාලක ජනරාල් තවදුරටත් කියා සිටියේය.

 

කොළඹ පරිශ්‍රයට පවා පුද්ගලයින් ගෙන්වා නොගෙන ජූනි මාසයේ සිට දින තුනක් ඇතුළත රජයේ තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ගමන් බලපත්‍රය නිවසට යැවීමට කටයුතු සූදානම් කර ඇත.

 

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය අවට දින 03ක පමණ සිට පොළිම් දක්නට ලැබුණ අතර ඒ හේතුවෙන් ඉතා කඩිනමින් විදේශ ගමන් බලපත්‍රය සාදා දීමට කටයුතු කරන බව  වැඩිදුරටත් සඳහන් වේ.

views

254 Views

Comments

arrow-up