ඔබේ රැකියා සිහිනයට අත්වැලක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

ඔබේ රැකියා සිහිනයට අත්වැලක්

ඔබේ රැකියා සිහිනයට අත්වැලක්

රැකියා අපේක්ෂිතයන් සඳහා පවත්වන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්වෙනවා.

 

 

මෙම ප්‍රදර්ශනය පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා පැවැත්වෙන අතර නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් රැසක් එක් වන බව සඳහන් වේ.

 

 

මෙම සඳහා ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා සභාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව, නිෂ්පාදන සහ ඉංජිනේරු ආංශික නිපුණතා සභාව, සංචාරක කර්මාන්ත නිපුණතා සභාව සහ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාව යන ආංශික නිපුණතා සභාවන්ට අදාළ කර්මාන්ත ක්ෂේත්‍රවල නැගී එන තාක්ෂණයන් මූලික වශයෙන් ඉදිරිපත් කෙරෙනවා.

 

 

මෙහිදී කර්මාන්ත සම්බන්ධයෙන් දැනට පවතින කාර්මික පුහුණු වැඩසටහන් පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීමටත්, රැකියා පුරප්පාඩු සම්බන්ධ දත්ත හුවමාරු කරගැනීමටත්, එම රැකියා සඳහා අයදුම් කිරීමටත් හැකියාව පවතිනවා.

views

327 Views

Comments

arrow-up