දූෂිත විදුහල්පතිනියට වැඩ වරදී

දූෂිත සහ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවට පටහැනි ලෙස කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් සඳහා විදුහල්පතිවරියක පත් කර ඇතැයි සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ චෝදනා කරති.
ලබන 23 වැනිදාට අදාළව පත්වීම් ලබා ඇති මෙම විදුහල්පතිවරිය විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම හා තක්සේරුකරණයට අදාළ උපාධිය ලබා ගෙන ඇත්තේද රාජ්‍ය මුදල් භාවිත කරමින් බව උන්වහන්සේ සඳහන් කල අතර මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් දේශපාලන මැදිහත්වීම මත මෙම පත්වීම ලබා ගෙන ඇති බවත් විදුහල්පතිවරයෙක් වීමට අවශ්‍ය සුදුසුකම් පවා ඇයට නොමැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.
339 Views
Comments