ගුවන් අනතුරකින් ළමුන් 04ක් අතුරුදහන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

ගුවන් අනතුරකින් ළමුන් 04ක් අතුරුදහන්

ගුවන් අනතුරකින් ළමුන් 04ක් අතුරුදහන්

ගුවන් යානයක් ඇමසන් වනාන්තරයේ දකුණු කොලොම්බියා ආශ්‍රිත ප්‍රදේශයකට කඩා වැටීමෙන් ළමුන් 04 දෙනෙකු අතුරුදහන් වූ අතර දින 16කට පසුව එම ළමුන්  නිරුපද්‍රිතව බේරාගත් බව කොලොම්බියාව පවසයි.

 

මැයි මස 01වනදා උදෑසන මෙම අනතුර සිදු වූ අතර අනතුරින් මෙම දරුවන්ගේ මව සහ සෙසු වැඩිහිටියන් සියළු දෙනා මිය යන ලදී.

 

අනතුරින් වයස අවුරුදු 13ක, 9ක, අවුරුදු 04ක සහ මාස 11ක බිළින්දෙක් අතුරුදන් විය.

 

හමුදා සාමාජිකයින් 100කට අධික පිරිසක් මෙම පුද්ගලයින් සෙවීම ආරම්භ කළද ඔවුන් පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වූයේ නැත. එහෙත් කොලොම්බියා බලධාරීන් අද නිවේදනය කළේ ඇමසන් වනාන්තරයේ සිටින හුයිටෝටෝ ආදීවාසි කණ්ඩායම විසින් මෙම දරුවන් බේරාගෙන ඇති බවයි.

 

දරුවන් මෙතෙක් කල් පලතුරු අනුභව කරමින් ජීවත් වී ඇති බවත් වාර්තා වේ.

views

269 Views

Comments

arrow-up