පුපුරණ ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයකු හොරණ පෝරුවදන්ඩ මගුරුවෙල මාර්ගයේදී පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ බණ්ඩාරගම පොලිසියටලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇති අතර එහිදී සැකකරු සන්තකයේ තිබී වෝටර් ජෙල් කරල් 15 ක් හා ඩෙටනේටර් 5 ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුගෙන් මෙම පුපුරන ද්‍රව්‍ය සොරා ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී තම වත්තේ පිහිටි ලිදේ පිහිටි ගලට බෝර දැමීම සඳහා ඔහු සේවය කරන පෝරුවදණ්ඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි කළු ගලක් කැඩීම සඳහා රැගෙන එන ලද පුපුරණ ද්‍රව්‍ය මෙලෙස සොරා ගෙන රැගෙන ආ බවට ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි බොරුලුගොඩ පදිංචිකරුවෙකි.
274 Views
Comments