රාජගිරිය මැතිවරණ කාර්යාලය අසල පාර අවහිර වෙයි

ජාතික ජන බලවේගය සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් රාජගිරිය මැතිවරණ කාර්යාලය අසල පාර අවහිර වී තිබුණි.
මෙම විරෝධතාවය පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබුණි.
මේ අතර එම විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කර තිබේ.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහෙස්‍ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (07) දින අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26දෙනෙකුට එරෙහිව එම නියෝගය නිකුත් කර ඇත.
වැලිකඩ පොලීසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව එම තහනම් නියෝග ආඥාව නිකුත් කර තිබේ.
අධිකරණය නියෝග නිකුත් කර ඇත්තේ විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර, කොටා පාර, සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළුවීම තහනම් කරමිනි.
297 Views
Comments