"අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ"

ලෝක දුම්වැටි විරෝධී දිනය ඊයේ දිනයට යෙදී තිබුණ අතර මෙවර එහි තේමාව "අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ" යන්න ලෙස සඳහන් විය.
මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) ලංකාව පුරා වැඩසටහන් ගණනාවක් ලෝක දුම්කොළ නිවාරණ දිනය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමටසඳහා ක්‍රියාත්මක කර තිබුණි.
ලංකාවේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල හරහා ජනතාව දැනුවත් කරමින් මෙම සතිය පුරාම විවිධ වැඩසටහන් ලෝක දුම්වැටි විරෝධී දිනය පාදක කර ගනිමින් ක්‍රියාත්මක කර ඇත.
දිවයින පුරා සියලුම දුම්රිය ස්ථානවල "සිගරට් අපරාධයක්" යන පණිවුඩය ප්‍රදර්ශනය කරමින් සහ ජනතාව දැනුවත් කිරීමද මෙහිදී සිදු විය.
"සිගරට් අපරාධයක්" යන පණිවුඩය ADIC ආයතනය විසින් සකස් කරන ලද අතර සමාජගත කිරීම සඳහා ලංකාවේ කලාකරුවන් බොහෝ දෙනෙකුද ඔවුන්ගේ සමාජමාධ්‍ය හරහා එම පණිවුඩය පල කරමින් සහයෝගය ලබා දී තිබුණි.
දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි YAN Sri Lanka තරුණ ජාලයේ ස්වෙච්ඡා ක්‍රියාකාරී තරුණ තරුණියන් විසින් දිවයින පුරා, ජනතාව දැනුවත් කරමින්, town campaign සහ poster campaign 40 කට අධික සංඛ්‍යාවක් සිදු කරන ලදී.
ADIC ආයතනයේ සාමාජිකයන් පවසා සිටියේ මෙම සතිය පුරාම එම වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.
297 Views
Comments