මිනිස් වෙළඳාමට එරෙහිව දැනුවත් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලාංකික විගමණික ප්‍රජාව විදෙස්ගත වීමට පෙර ප්‍රථමව මුණගැසන රාජ්‍ය නිලධාරීන් ලෙස විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හැඳින්විය හැක.
එබැවින් විදෙස්ගත වීමට පෙර මිනිස් වෙළඳාමට ලක්වීමේ අවධානම අවම කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.05.19 වන දින පෙ.ව. 10.00 සිට ප.ව. 02.00 දක්වා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී පවත්වන ලදි.
මෙම වැඩසටහන කාර්යාංශයේ වැ.බ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නෙළුම් සමරසේකර මහත්මියගේ සංවිධානයෙන් හා වැ. බ. කලමනාකරු (මිනිස් වෙළෙඳාමට එරෙහි ඒකකය) කෞෂල්‍යා පෙරේරා මහත්මියද, වැ. බ. කළමනාකරු (නීති) රෝහන විජේසිංහ මහතාගේ සම්පත්දායකත්වයෙන්ද සිදු කරන ලදි.” විදේශ රැකියා නිලධාරීන් 80 ක් මේ සඳහා සහභාගී වූහ.
292 Views
Comments