ජෙරොම්ට ලංකාවට එන්න පුළුවන්ද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසුවේ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කටුනායක ගුවන්තොටුපලෙන් මෙරටට ඇතුළුවන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි.
ඔහු විසින් බෞද්ධාගම ඇතුළු අනෙකුත් ආගම් සඳහා අපහසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම මීට හේතුව බව ඔහු පවසන ලදී. ඔහු රටින් පිටව ගිය පසු විදෙස් ගමන් වාරණ නියෝගයක් නිකුත් කර ඇතත්, එම වාරණ නියෝගය ලැබුණු පසු රටින් පිට වීම සේම රටට ඇතුළුවීමද තහනම් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේය.
යම් හෙයකින් ඔහු ශ්‍රී ලංකාවට නොපැමිණ සිටියොත් ජාත්‍යන්තර නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද සඳහන් විය.
“පාස්ටර් ජෙරොම් රටින් පිටත් වෙලා තියෙනවා පසුගිය ඉරිදා දිනයේ දී. ඔහු විදේශගත වුණු බවට වාර්තා වෙලා තියෙනවා. නමුත් විදේශ ගමන් තහනම අපි ලබා ගන්නේ 16 වැනිදා යි. ඒ කියන්නේ සංචාරක ගමන් තහනමක් ලබා ගත්තම ඒ රටෙන් පිට වෙන්නත් බෑ. ඒ වගේම රටට ඇතුළු වෙන්නත් බෑ. ඒ අවස්ථා දෙකේ දී ම අත්අඩංගුවට පත්වීමක් සිදුවෙනවා”
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
216 Views
Comments