හොර Facebook ගිණුම් වලට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
12

හොර Facebook ගිණුම් වලට වැඩ වරදී

හොර Facebook ගිණුම් වලට වැඩ වරදී

කුඩා දරු දැරියන්ගේ සහ කාන්තාවන්ගේ ජායාරූප යොදා ගනිමින් ඔවුන් සම්බන්ධව ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයෙන් Facebook හි posts පළ කරනු ලබන පුද්ගලයන් සහ එහි Facebok Pages පවත්වාගෙන යන්නන් සම්බන්ධව අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

 

සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ Facebook සමාජ ජාලය ආශ්‍රිතව කුඩා ළමයින්ට සහ කාන්තාවන්ට අපහාස සිදුකරමින් පවත්වාගෙන යනු ලබන Facebok Pages විශාල ප්‍රමාණයක් ඇති බවයි.

 

 

මේ වන විටත් කුඩා දරු දැරියන්ගේ සහ කාන්තාවන්ගේ ජායාරූප යොදා ගනිමින් ඔවුන් සම්බන්ධව ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයෙන් Facebook හි posts පළ කල පුදගලයෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කලේය.

views

273 Views

Comments

arrow-up