හමුදා සෙබළියන්ගේ විරෝධය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

හමුදා සෙබළියන්ගේ විරෝධය

හමුදා සෙබළියන්ගේ විරෝධය


කිලිනොච්චි, කොකාවිල්, 4 වන කාන්තා බළකායට අයත් යුද හමුදා සෙබළියන් 129 ක පිරිසක් සහ ඔවුන්ගේ ඥාතීන් කඳවුර අසල මාර්ගයේ පසුගිය 16 වෙනිදා සිට විරෝධතාවක් ආරම්භ කර ඇත. ඒ කොකාවිල් සිට වව්නියාව මැදවච්චියට ලබා දී ඇති ස්ථාන මාරුවකට එරෙහිවයි.



යුධ හමුදා නීතියට අනුව එසේ කළ නොහැකි වුවද මෙරට යුද හමුදා ඉතිහාසයේ පළමු වරට හමුදාවේ පරිසක් උද්ඝෝෂණයක නිරත වන අවස්ථාව මෙයයි.



2012 වසරේ සිට කොකාවිල් කඳවුරේ මේවන තෙක් සෙබළියන් 129 දෙනෙකු සේවය කරන බව විරෝධතාවයට එක් වූ අය පවසයි. වව්නියාවට ලබා දී ඇති ස්ථාන මරුව අවලංගු කොට ආසන්න වෙනත් කඳවුරක රාජකාරි සදහා අනුයුක්ත කරන ලෙසට ඔවුන් ඉල්ලා සිටී.

views

317 Views

Comments

arrow-up