රජයේ රෝහල්වල පෞද්ගලික වාට්ටු

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මෙරට ඖෂධ මිල ඉදිරි සතියේදී 10 -15 % ප්‍රමාණයකින් අඩු කිරීමට හැකිවන බවයි.
ඖෂධ මිල අඩු කළ හැකි ප්‍රමාණය සම්බන්ධව මුදල් අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණාකාධිකාරි අංශය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඔහු පවසන ලදී.
“ඩොලරයේ මිල ඉහළ යෑමත් සමඟ ඖෂධ මිල සැලැකිය යුතු අගයකින් ඉහළ ගියා. ඩොලරයේ අගය පහත වැටීමේ වාසිය ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සෑම විටම උත්සහ කරනවා.
ඖෂධ අළෙවි කිරීම සඳහා ගබඩා කර තැබෙන වෙළෙඳ සැල් අනිවාර්යයෙන්ම වායු සමීකරණය කර තිබිය යුතු බව අපි දන්නවා. මේ නිසා ඉතා ඉහළ විදුලි බිලක් තමන්ට දැරීමට සිදුවන බවට ඖෂධ අළෙවිකරුවන් පවසනවා. ඖෂධ මිල අඩු කිරීමේ දී මෙම කරුණු සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුයි.
රජයේ රෝහල් වල පෞද්ගලික වාට්ටු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරනවා. ඒ දෙස ධනාත්මකව බලා අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු වෙනුවට ඇතැම් පිරිස් දේශපාලන හා වෙනත් උවමනාවන් මත සිට පදනම් විරහිත විවේචන ඉදිරිපත් කරනවා.
වියදම් ඉහළ යාම නිසා ප්‍රතිකාර සේවාවන් ලබාගැනීමට පෞද්ගලික අංශයට යාමට නොහැකි, නමුත් එලෙස යෑමේ අවශ්‍යතා ඇති පිරිස් සඳහා රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා. මේ තුළ සහනදායි වැඩපිළිවෙළක් ඇරඹීමයි සැලැසුම වී තිබෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත්ම අවම මිල ගනන් වලට මේ සේවාව ජනතාවට සපයන්න. නිදහස් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට පැමිණෙන පිරිස් ඒ තුළ ප්‍රයෝජන ලබාගනියි. උදාහරණයක් ලෙස යම් තැනක රුපියල් 40,000 පමණ වන පරීක්ෂණයක් අපට රුපියල් 25,000 වැනි මුදලකට කරන්න පුළුවන් වෙයි.
කුමන ආකාරයකින්වත් මුදල් වැය කිරීමට අසීරු කණ්ඩයාමට ඇතැම් පරීක්ෂණ සඳහා පොරොත්තු ලේඛනයේ මාස 06 ක් සිටිය යුතු නම් එම තත්වය මාස 02 දක්වා අඩු කර ගත හැකියි”
යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ය.
202 Views
Comments