MAY
18
වගා රැකගන්න ගිනිඅවි බලපත්

වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය සම්බන්ධයෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇත.
එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා වෙනස් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
වසරක් තුළ විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත් වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මේ පියවර ගත් බව අමාත්‍යවරයා පවසයි.
වගා ආරක්‍ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය සම්බන්ධ තොරතුරු පිළිබඳ වැඩිදුර විස්තර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් ලබා ගත හැක.
222 Views
Comments