කාන්තා පොලිස් නිලධාරිනියන් රථ වාහන හැසිරවීමට යොදවයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

කාන්තා පොලිස් නිලධාරිනියන් රථ වාහන හැසිරවීමට යොදවයි

කාන්තා පොලිස් නිලධාරිනියන් රථ වාහන හැසිරවීමට යොදවයි

පළමු වරට ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය කාන්තා නිලධාරිනියන් රාජකාරී සඳහා යොදවා තිබේ.

 

ඊයේ (25) පොළොන්නරුව රථවාහන අංශයේ කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකු මෙලෙස රථවාහන මෙහෙයවීම සහ වාහන පරීක්ෂා කිරීම සඳහා ද යොදවා තිබුණි.

 

පොළොන්නරුව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති අතර මෙලෙස රථ වාහන රාජකාරියට එක්වූ කාන්තා නිලධාරිනියන් කොට්ඨාශ යතුරුපැදි ඒකකය සහ රථ වාහන යතුරුපැදි ඒකකයේ සේවයට යොදවා ඇත.

views

254 Views

Comments

arrow-up