දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි පරීක්ෂා කිරීමට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
19

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි පරීක්ෂා කිරීමට අවසර

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි පරීක්ෂා කිරීමට අවසර

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නීර්ණය කිරීම සඳහා ඔහුගේ දේහය යළි ගොඩගෙන පරීක්ෂා කළ යුතුව ඇති හෙයින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස වෛද්‍ය මණ්ඩලය ඊයේ (18) ලිඛිතව අධිකරණයෙන් ඉල්ලා ඇත.

 

පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මෙම ඉල්ලීම කර තිබේ.

 

ඒ අනුව, පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද කැඳවා නියෝගයක් ලබාදීම සඳහා නඩුව කැඳවීමට අධිකරණය දින නියම කර ඇත.

views

294 Views

Comments

arrow-up