රක්ෂිත ඉඩම්වල ඇති කිතුල් ගස්වලින් උපරිම ප්‍රයෝජන

පසුගිය දා රත්නපුර රත්ගඟ ප්‍රදේශයේ කිතුල් ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණි.
එහිදී වන සංරක්ෂිත ඉඩම්වල තිබෙන කිතුල් ගස් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අපතේ යන තත්ත්වයක් පවතින බැවින් එම කිතුල් ගස්වලින් ආර්ථිකමය වාසි ලබා ගැනීම සඳහා ඒවා මැදීමට ඇති නීතිමය බාධක ඉවත් කර දෙන ලෙස කිතුල් ව්‍යවසායකයෝ පිරිසක් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී.
රත්නපුරය, මාතර, මහනුවර, නුවරඑළිය, මාතලේ, ගාල්ල, හම්බන්තොට හා කෑගල්ල යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය බහුලව සිදු කෙරේ.
2009 වසරේදී රී ලංකාවේ තිබෙන කිතුල් ගස් සම්බන්ධව අවසන් වරට සංගණනයක් සිදුකර ඇත. එහිදී සොයාගෙන ඇත්තේ ඒ අනුව තිබෙන මුළු කිතුල් ගස් ප්‍රමාණයෙන් 15.64%ක් පමණක් ප්‍රයෝජනයට ගන්නා අතර, 84%ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අපතේ යන බවයි.
මෙම කිතුල් ගස් වැඩිම ප්‍රමාණයක් වන සංරක්ෂිත තුළ පවතින ඒවාය.
වන සංරක්ෂිත ඉඩම් මේ වනවිට පවතින්නේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ බැවින් විෂයභාර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ සාකච්ඡා කර විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
රක්ෂිත ඉඩම්වල ඇති කිතුල් ගස්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා දැනට පවතින නීතිමය බාධක ඉවත් කිරීමට කටයුතු කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළා.
267 Views
Comments