ශ්‍රී ලංකාවේ ප්‍රථම “පොටැටෝ චිප්ස්” කර්මාන්ත ශාලාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

ශ්‍රී ලංකාවේ ප්‍රථම “පොටැටෝ චිප්ස්” කර්මාන්ත ශාලාවක්

 ශ්‍රී ලංකාවේ ප්‍රථම “පොටැටෝ චිප්ස්” කර්මාන්ත ශාලාවක්

කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ රාජ්‍ය අංශය අනුග්‍රහයෙන් ආරම්භ කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම “පොටැටෝ චිප්ස්” කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු අත්හදා බැලීමේ පර්යේෂණ මේ වනවිට සාර්ථක වී ඇති බවයි.

 

 

මෙම “පොටැටෝ චිප්ස්” කර්මාන්ත ශාලාව රුපියල් මිලියන 100ක වියදමින් ඉදිකර තිබෙන අතර අපනයනය ඉලක්ක කරමින් මෙරට අර්තාපල් අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් වෙළෙදපොලට යොමු කිරීම මෙහි අරමුණ බව වැඩිදුරටත් සඳහන් වේ.

 

 

“පොටැටෝ චිප්ස්” මෙරට ඇතැම් ආහාර සැකසුම් ආයතන විසින් ආනයනය කරන අතර 2021 වර්ෂයේ දී ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 21ක් වේ.

 

 

මෙම කර්මාන්ත ශාලාව තුළ දිනකට “පොටැටෝ චිප්ස්” කිලෝග්‍රෑම් 1,000ක් සැකසීමේ හැකියාව ඇත.

 

අර්තාපල් ගොවීන් 200කගේ නිෂ්පාදන මෙම කර්මාන්තශාලාවට මිල දී ගැනීමට කටයුතු කර තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ..

 

 

views

296 Views

Comments

arrow-up