රජයේ විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැනීම පිළිබඳ අධිකරණ නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

රජයේ විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැනීම පිළිබඳ අධිකරණ නියෝගයක්

රජයේ විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැනීම පිළිබඳ අධිකරණ නියෝගයක්

අමාත්‍ය මණ්ඩලය විසින් රජයේ විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කරන් ලදී.

 

 

එම විරෝධතාව වෛද්‍යවරු 176 දෙනකු ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබුණි.

 

 

මෙම නියෝගය ලබාදෙනු ලැබුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසිනි.

 

 

විනිසුරුවරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම් ජුනි මස 6 වනදා විභාගයට ගැනීමටයි.

 

 

 

අධිකරණය විසින් මීට පෙර නිකුත් කළ අදාළ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් කළ තහනම් නියෝගය ද එදින දක්වා දීර්ඝ කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.

views

279 Views

Comments

arrow-up