කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් යාපනය වෙත්තලකේනි මාමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 128 කට අධික තොගයක් සිය භාරයට ගෙන ඇති අතර එම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 42ක් පමණ වේ.

 

සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිවූ එම කේරළ ගංජා තොගය ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කර‍යි.

 

මෙම කේරළ ගංජා ‍‍තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් සිය භාරයේ තබා ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව පවසයි. 

views

298 Views

Comments

arrow-up