JUN
15
ඩොලරය ඉහළ යාමට හේතුව

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද දිනයේත් තවදුරටත් අවප්‍රමාණය වී තිබේ.
මෙය ආනයන සීමා ලිහිල් කිරීමත් සමග ඇතිවූ තත්ත්වයක් බවත් එය කළමනාකරණය කිරීමට මහ බැංකුව කටයුතු කරනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,
"මේකට ලොකුවට කලබල වෙන්න දෙයක් නැහැ. ඩොලර් මිල තීරණය වෙන්නේ ඉල්ලුමත් සැපයුමත් අතර. දැනට මහ බැංකුව ඩොලර් බිලියන 3ක ප්‍රමාණයක් මිලදී ගත්තා. ඒ නිසා තමයි ඩොලර් එක ඔය තැනවත් තිබෙන්නේ. නැතිනම් තවත් යනවා."
324 Views
Comments